විදේශ ගතවී සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සහයකයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී ඊයේ(9) අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ මර්දන ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත හෙරොයින් ග්‍රෑම් 10ක් ද සමඟ මේ පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාර දී තිබේ.