මධ්‍යම සංස්කෘතික අරමුදල

මධ්‍යම සංස්කෘතික අරමුදල මිලියන 1600ක් ණයයි

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා විසින් අරමුදලේ අරමුණුවලට පටහැනි කටයුතු සඳහා වියදම් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කරන්නේ මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 1600ක් ණයකරුවෙකු වී ඇති බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ යහපාලන රජයේ මධ්‍යම සංස්කෘතික අරමුදල භාර ව සිටි ඇමතිවරයා මෙම මුදල් සිය මැතිවරණ කටයුතු සඳහා අනිසි ලෙස යොදවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බව ද අමාත්‍ය රණතුංග මහතා අවධාරණය කරයි.

රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනාරල්වරයා මෙම කරුණු අනාවරණය කළහ.

නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාගේ මැදිහත්වීමෙනි.

ඓතිහාසික දැලිවල කොටවල රජමහා විහාරස්ථානයේ තිබී බුදුන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ සිරුර වෙලු බව කියන සිවුරු කොටසක් හමු ව තිබේ.

එය වසර 2200 කට වඩා පැරණි බව අනාවරණය වි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *