හංවැල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අද අලුයම පොලීසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වුණා.
2022 දෙසැම්බර් 18 වන දින හංවැල්ල ප්‍රදේශයේ වෙළඳසැලක හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් “කරවිට සියා” නමැති සැකකරු අවශ්‍යව සිටි අයෙකු බව පොලිසිය පවසයි.
සැකකරු හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ රැඳී සිටින බවට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බස්නාහිර පළාත් (දකුණු) අපරාධ කොට්ඨාසයට තොරතුරු ලැබී ඇත.
දෙල්ලව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරු සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියට වෙඩි තබා ඇත.
පොලිස් වෙඩි පහරින් සැකකරු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.