Indian police thwarts smuggling of narcotic pills to SL

ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති මත්පෙති තොගයක් තමිල්නාඩු පොලිසිය අත්අඩංගුවට ගනී.

තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් හි වෙදලෙයි ගම්මානයට ආසන්න මුහුදු තීරයේදී ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති ලක්ෂ හයක පමණ වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් තමිල්නාඩු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අත්අඩංගුවට ගත් පෙති තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙරට බෝට්ටුවක තිබී අත්අඩංගුවට ගත් බව Q ශාඛාව පොලිසිය පවසයි.

වේදාලෙයි මුහුදු තීරයේදී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබූ රට යාත්‍රාවක තිබී මෙම පෙට්ටි සොයාගෙන ඇති අතර ඔවුන් සතුව තිබී පෙති ලක්ෂ 6ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පලාගිය ජාවාරම්කරුවන් ද සොයමින් සිටිති. මේ තත්ත්වය යටතේ මුහුදුබඩ ප්‍රදේශයන්හි දිගින් දිගටම සිදුවන ජාවාරම් පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍යුබ්‍රාන්ච් පොලිසිය දැඩි සෝදිසි මෙහෙයුමක නිරත වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *