සෞඛ්‍ය මාර්ගෝපදේශ මුල් කර ගනිමින් අද සිට පාසල් ඇරඹේ.

රජයේ සියලු පාසල්වල දෙවැනි වාරය අද ආරම්භ විය. ඉකුත් මාර්තු මාසයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් ද සැලකිල්ලට ගෙන මෙසේ පාසල් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

පාසල් වෙත සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව නිර්දේශ ඉදිරිපත් කරන තෙක් පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇති අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දෑත් සේදීම, මුව ආවරණ පැළඳීම, ආහාර හුවමාරු කර නොගැනීම, නිවෙසේ පිළියෙල කළ ආහාර පමණක් පාසලට ගෙන ඒම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවන් පාසල් වෙත එවීමට මව්පියන් කටයුතු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *