Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සුඩානයෙන් පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ඉවත් කර ගනී.

සුඩානයෙන් පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ඉවත් කර ගනී.

අර්බුදකාරී සුඩානයෙන් පළමු ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම ආරක්ෂිතව ඉවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි බදාදා (26) පැවසීය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය සබ්රි ප්‍රකාශ කළේ මෙම පිරිස සෞදි අරාබියේ ජෙඩා වෙත රැගෙන ගිය බවත්, ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වැඩබලන කොන්සල් ජනරාල් විසින් ඔවුන් පිළිගත් බවත්ය.

සුඩානයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට පහසුකම් සැලසීම පිළිබඳව අමාත්‍ය අලි සබ්රි වැඩිදුරටත් සෞදි අරාබි රාජධානියට සිය කෘතඥතාව පළ කළේය.

අප්‍රේල් 15 වන දින සුඩානයේ හමුදාව සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) අතර ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පුද්ගලයින් 400 දෙනෙකු මිය යාමෙන් පසුව මෙම ඉවත් කිරීම සිදු කෙරේ.

සුඩාන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ අමාත්‍ය අලි සබ්රි ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිය පුරවැසියන් සුඩානයෙන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම සඳහා සක්‍රීයව කටයුතු කරමින් සිටින බවත්, සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්ය.

ඉදිරි දින කිහිපය තුළ සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට හැකි වන බව ද අමාත්‍ය සබ්රි අනාවරණය කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *