Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

සෑම තැනකම වෛරසය පැතිර ගොස් ඇත, නිවෙස් වලම රෝගීන් මිය යයි, හැදුනුම්පත් අංක ක්‍රමයද උල්ලංඝණය කෙරේ

සෑම තැනකම වෛරසය පැතිර ගොස් ඇත, නිවෙස් වලම රෝගීන් මිය යයි, හැදුනුම්පත් අංක ක්‍රමයද උල්ලංඝණය කෙරේ
දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව එකම පවුලේ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ පුවතක් ලක්ෂපාන මොරහේනගම මහපැල්පොල ප්‍රදේශයෙන් වාර්තා වේ.
එලෙස කොරෝනා ආසාදිත වී ඇති දරුවන් දෙදෙනා අවුරුදු 02 හා 05 යන වයස්වල පසුවන්නන්ය.

මේ අතර ටෙලි නාට්‍යක රූගත කිරීම් සදහා කොළඹ සිට මිහින්තලයට පැමිණ සිටි තිස් නව දෙනකුගෙන් යුත් කණ්ඩායමක රංගන ශිල්පීන් පිරිසක් ඇතුළු එකොලොස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක කියා සිටියේ මෙම රංගන ශිල්පීන් කණ්ඩායමේ ආසාදිතයන් අතර සිටි පිරිමි පුද්ගලයින් නව දෙනෙකු හා කාන්තාවන් දෙදෙනකු ප්‍රතිකාර සදහා නොච්චියාගම හා කැබිතිගොල්ලෑව කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කර ඇති බවයි.

මේ අතර ඉකුත්  17 වනදා රාත්‍රියේ වැලිගම නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී සොයා ගැනුණු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර මාතර මහ රෝහලට රැගෙන ගොස් සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මියගිය පුද්ගලයා වැලිගම පොලිස් වසමේ මිදිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි වියේ පසුවූ අයෙකි. වරාය අධිකාරියේ සේවයෙහි නියුතු වී සිටි එම පුද්ගලයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධානය වෙමින් සිට ඇත.

ඉකුත් 17 වනදා මෙම පුද්ගලයා ආහාර ගෙන ඒමට වැලිගම නගරයට පැමිණ තිබූ අතර එහිදී කිසියම් අයෙකු සමග බහින් බස් වීම හේතුවෙන් මොහුට පහරදීමක් ද සිදුව ඇත.

පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු බව වැලිගම පොලිසිය පැවසුවේය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආපන ශාලාවක සේවකයෙක්ය.

මේ අතර අද දිනයේ ද නිවෙසින් බැහැරට යාමට අවසර ලබාදී තිබුණේ හැඳුනුම්පති අංක ක්‍රමය අනුවයි. එහෙත්, බොහෝ නගරවල එම රෙගුලාසි උල්ලංඝණය කරන තත්ත්වයක් දක්නට ලැබුණු බව වාර්තා විය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *