Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සජිත් වෙනුවෙන් කලාකරුවෝ 2000ක් එනවාලු

සජිත් වෙනුවෙන් කලාකරුවෝ 2000ක් එනවාලු

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට කලාකරුවන් 2,000කට වැඩි පිරිසක් එකතු වී සිටින බව ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා පවසයි. එම කලාකරුවන් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට පූර්ණ දායකත්ත්වය ලබා දී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා කලාව ගැන ලොකු උනන්දුවක් දක්වන බවත්, ඔහු පසුගිය කාලයේදී කලාකරුවන් වෙනුවෙන් විශාල සේවයක් සිදු කර තිබෙන බවත් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

කොළඹ 02, වොක්ෂල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ කලාකරුවන් පිරිසක් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.  එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය සදහන් කළේ, සජීත් ප්‍රේමදාස මහතා දුගී දුප්පත් ජනතාවගේ හදවත හඳුනාගෙන සිටි නායකයෙකු බැවින් ඒ මහතාට මෙවර ජනාධිපතිවරණය පහසුවෙන් ජයගත හැකි බවත්, සජිත් ප්‍රේමදාස මහතා ජනතාවකින් විශ්වාසය සුරක්ෂිත කර ඇති බැවින් සියලු ක්ෂේත්‍රවල ජනයාගේ ආශිර්වාදය ඔහුට හිමිවන බවත්ය.

රටට විශාල සේවාවක් කළ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ අඩිපාරේ යමින් ජනතාවට නිවාස ගම්මාන රැසක් ලබාදී තිබෙනවා. පසුගිය අවුරුදු හතරහමාර තුළ එතුමාට පැවරුණු රාජකාරීය නියම ආකාරයට ඉෂ්ට කර තිබෙනවා. අනාගතයේදී ජනාධිපතිවරයා වීම තුළ ඔහුට සෑම අංශයක් පිළිබඳ හොඳින් සොයාබලා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් අපට දකින්න ලැබේවා” යනුවෙන්ද චන්ද්‍රිකා සිරිවර්ධන එහිදී කියා සිටියාය.

.වීණා ජයකොඩි, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ද ඊට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *