Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

දින 15ක දරුවෙක් බේරගන්න ඉන්දියාවම පැය 5ක සාර්ථක මෙහෙයුමක.

දින 15ක දරුවෙක් බේරගන්න ඉන්දියාවම පැය 5ක සාර්ථක මෙහෙයුමක.

දින 15ක බිලිඳෙක් බේරගන්න පැය 5යි තියෙන්නේ
කිලෝමීටර් 418 යන්න ඕනි.සමාජ මාධ්‍ය වලින් විනාඩි ගාණක් ඇතුලේ හැමෝම දැනුවත් උනා
මුලු ඉන්දියාවම මහා මෙහෙයුමට සූදානම්.
මුලු පාරවල් සේරගෙම ඉඩ ඒ ගිලන් රථය වෙනුවෙන් මිනිස්සු සකස් කරා

මේ ලොව වැඩිම මාර්ග තදබදයක් ඇති ඉන්දියාවේ රටම පාර දෙපැත්තට වෙලා කිලෝමීටර් 418ක් පැය 5න් ගිය,
මහා මානුෂික මෙහෙයුමයි

අයහපත් කාලගුණය නිසා හෙලිකොප්ටර් එක එවන්න පැය කිහිපයක් යනවා කියල කියනවා.ඒ වෙලාවෙයි මේ රියදුරා අභියෝගය බාර ගන්නේ

සමහර පැති වලදී ජනාධිපති කෙනෙක්ට දෙන ආරක්ෂාව මේ ගිලන්රථයට පොලීසිය ලබා දෙනවා

ඒ 2019 අප්‍රේල් මස 19 දින සවස් යාමයි.  දින 15ක් වයසැති බිළිඳෙකු මන්ගලපුරම් සිට එර්නකුලම් අම්රිතා රෝහල දක්වා, පැය 5යි විනාඩි තිහකින් ගිලන්රථ රියදුරෙක් ධාවනය කළ අයුරු සමස්ථ ඉන්දියාවම දෑස් දල්වා බලා සිටියහ.

රජයේ සේවකයන්, පොලීසිය සහ ප්‍රදේශවාසීන්  ගිලන් රිය සඳහා යන මග ඉඩ සලසා දීමට උත්සුක වූහ. නමුත් මෙහිලා සඳහන් කල යුතු සුවිශේෂම කාරණය නම්, උදුමාහි ජීවත් වන මේ ගිලන් රථ රියදුරු, හසන්ගේ කල්පනාකාරරී බවයි. දුර දක්නා නුවණයි.

හසන්, මන්ගලපුරම් සිට එර්නකුලම් දක්වා ඇති කිලෝ මීටර 400ක් දුර පසු කර යාමට ගත කලේ පැය 5යි විනාඩි තිහක් පමණකි. කොළඹ සිට යාපනය දක්වා ඇත්තේත් කිලෝ මීටර 402කි.  ඔහුගේ හපන්කම වටහා ගැනීමට එකරුණම ප්‍රමාණවත් නොවේද?

එර්නකුලම් වෙත ළඟා වූ හසන් පැවසුවේ, සියලුදෙනාගේම සහය නොමැතිව මේ කටයුත්ත සිහිනයක්ම වනු ඇති බවයි.

මන්ගලපුරම් සිට හසන් බිළිඳා සමග ගමන ආරම්භ කළේ එදින උදෑසන 10ට පමණය. ඒ ශ්‍රී චිත්‍රා රෝහල වෙත රැගෙන යාමටයි. නමුත් බිළිඳාගේ බරපතල තත්වය නිසාම වෙනත් රෝහලකට මාරු කර යැවීමට ගිලන්රථ රියදුරන්ගේ සංගමය, කේරල ළමා ආරක්ෂණ  කණ්ඩායම, පොලීසිය සහ ස්වෙච්චා සංවිධාන සියලු කටයුතු සූදානම් කළහ.

සමාජ මාධ්‍ය හරහා මේ පිළිබඳව ලව් ගින්නක් සේ පැතිර ගියේය. ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රමාද වන නිසා එදින දහවල වන විට එම ප්‍රාන්ත රජය තීරණය කලේ දරුවා එම රෝහලේම රඳවා තබා ගැනීමටයි. නමුත් සෞඛ්‍ය අමාත්‍ය, කේ.කේ. ශයිලාජ මහතා දෙමාපියන් සමග ඍජුවම සම්බන්ධවී, දරුවා අම්රිතා රෝහලට ගෙන යන ලෙස උපදෙස් ලබා දී, ඒ සඳහා යන මුදල රජය විසින් දැරීමට පොරොන්දු වී ඇත. ඒ අනුව එර්නකුලමින් ඇරඹි ගමන කිලෝ මීටර 400 ක් දුර ගෙවා සවස 4.30 වන විට අම්රිතා රෝහලට හසන්ට රැගෙන ඒමට හැකි විය. 

මෙය හසන්ගේ දෙවන වීර ක්‍රියාවයි. මීට පෙරද  2017 වසරේ දෙසැම්බර් 10 දින, පිළිකා රෝගියෙකුගේ ජීවිතය රැක ගනු පිණිස  ඔහු මන්ගලපුරම් සිට තිරුවනන්ත පුරම් දක්වා ධාවනය කලේ පැය 8යි මිනිත්තු 4ක් ගත කරමිනි. 

https://m.facebook.com/story.php?story_fbid=2758467654187719&id=625768854124287

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *