Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මූල්‍යාධාර නොවෙයි, විවිධ ක්ෂේත්‍රයන්හි ආයෝජනයි – ජනපති

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මූල්‍යාධාර නොවෙයි, විවිධ ක්ෂේත්‍රයන්හි ආයෝජනයි – ජනපති

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මූල්‍යාධාර නොව, අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ආයෝජන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත ලක්සම්බර්ග් විදේශ ඇමති ජීන් ඇසෙල්බ්‍රෝන් මහතා ඊයේ (31) ජනාධිපති කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය ඉහළ නිපුණතාවක් සමන්විත බවත්, නවීන තාක්ෂණය මුසුවූ කර්මාන්තවලට ඔවුන් දායක කර ගැනීමේ හැකියාව පවතින බවත් ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව හා ලක්සම්බර්ග් අතර ඇති සබඳතා තර කර ගැනීමට තමන් උනන්දුවක් දක්වන බව පැවසූ ලක්සම්බර්ග් විදේශ ඇමති, දෙරටම කුඩා රාජ්‍යයන් බැවින් බොහෝ සමානතා පවතින බවත් පැවසීය. පුනර්ජනනීය බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ දී ලක්සම්බර් රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවට ලබාගත හැකි සහය පිළිබද සාකාච්ඡාවට ලක් කෙරිණි. මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ලක්සම්බර්ග් රාජ්‍යයට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපකාර කිරීමේ හැකියාව ඇති බවද එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *