ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මූල්‍යාධාර නොව, අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්රයන්හි ආයෝජන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත ලක්සම්බර්ග් විදේශ ඇමති ජීන් ඇසෙල්බ්‍රෝන් මහතා ඊයේ (31) ජනාධිපති කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය ඉහළ නිපුණතාවක් සමන්විත බවත්, නවීන තාක්ෂණය මුසුවූ කර්මාන්තවලට ඔවුන් දායක කර ගැනීමේ හැකියාව පවතින බවත් ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව හා ලක්සම්බර්ග් අතර ඇති සබඳතා තර කර ගැනීමට තමන් උනන්දුවක් දක්වන බව පැවසූ ලක්සම්බර්ග් විදේශ ඇමති, දෙරටම කුඩා රාජ්‍යයන් බැවින් බොහෝ සමානතා පවතින බවත් පැවසීය. පුනර්ජනනීය බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහන සහ මූල්‍ය ක්ෂේත්රයේ දී ලක්සම්බර් රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවට ලබාගත හැකි සහය පිළිබද සාකාච්ඡාවට ලක් කෙරිණි. මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ලක්සම්බර්ග් රාජ්‍යයට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ දියුණුව සඳහා උපකාර කිරීමේ හැකියාව ඇති බවද එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.