Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානිරට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්2027–2029 කාලය තුළ හෙද නිලධාරීන් 13,000ක් සේවයට බඳවා ගැනීමට රජය සැලසුම් කරයි; නවක හෙද හෙදියන් 2,819කට පත්වීම් ලිපි පිරිනැමේආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයිනාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ‘NVS-03’ යාත්‍රා උපකාරක චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ සාම පාගමන මෙහෙයවීමට ඇමරිකා එක්සත් ජනපදයේ භික්ෂූන් වහන්සේලා

ශ්‍රී ලංකාවේ සාම පාගමන මෙහෙයවීමට ඇමරිකා එක්සත් ජනපදයේ භික්ෂූන් වහන්සේලා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකාවේ සාමය සඳහා වූ පා ගමන” වැඩසටහන සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා මෑතකදී ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 10 ක් පුරා දින 110 ක සාම පා ගමනක් නිම කළ පූජ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගී වූහ.

මෙම රැස්වීමේ මුලසුන දැරුවේ පූජ්‍ය ආචාර්ය මෙල්පිටියේ විමලකිත්ති හිමියන් වන අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහභාගී විය.

සැලසුම් වලට අනුව, ඇමරිකානු සාම පා ගමනේ නිර්මාතෘ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ නායකත්වයෙන් යුත් භික්ෂූන් වහන්සේලා දොළොස් දෙනෙකු අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. දේශීය සාම පා ගමන අප්‍රේල් 22 සිට අප්‍රේල් 28 දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය සහ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබේ.

මෙම වැඩසටහන අප්‍රේල් 21 වන දින අනුරාධපුරයේ පූජනීය ජය ශ්‍රී මහා බෝධිය අබියස ආගමික වතාවත් සහ ආශිර්වාද සහිතව ආරම්භ වේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබාගත් ශ්‍රී මහා බෝධි අංකුරයක් පා ගමන පුරා චාරිත්‍රානුකූලව රැගෙන යනු ලැබේ.

රුවන්වැලි මහා සෑයේ විශේෂ ආගමික වතාවත්වලින් පසුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජනතාව සමඟ සාමයේ පණිවිඩය බෙදා ගනු ලැබේ.

අප්‍රේල් 22 වන දින උදෑසන දඹුල්ලෙන් සංඝගත දක්ෂිණාව පිරිනැමීමෙන් පසු පා ගමන නැවත ආරම්භ වේ. පෙරහැර නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර සහ කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් හරහා ගමන් කර අප්‍රේල් 28 වන දින නිදහස් චතුරශ්‍රයේදී අවසන් වීමට නියමිතය.

වැඩසටහන අවසානයේ, පා ගමන අතරතුර රැගෙන යන ශ්‍රී මහා බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සංචාරයේ යෙදෙන මහා සංඝරත්නය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබේ.

පිරිසිදු ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සහාය ඇතිව, භික්ෂූන් වහන්සේලා සඳහා දානමය සහ ආහාර සැපයීම, සනීපාරක්ෂක පහසුකම් සහ ආරක්ෂාව වැනි සංවිධානාත්මක විධිවිධාන පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *