ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක්දින තරගාවලි ජය

හම්බන්තොටදී ඊයේ (27) පැවති පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දුවාර 40කදී ලකුණු 187කට සියල්ලන් දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ඉලක්කය පහසුවෙන් පසුකරමින් තරගය සහ තරගාවලිය ජයගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *