ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
විශ්ව විද්‍යාල පද්ධතියේම සිටින ජ්‍යෙෂ්ඨතම උපකුලපතිවරයා වන අමරතුංග මහතා 2014 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් වු අතර විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවේ හිටපු සභාපතිවරයා ද වූ ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ දකුණු ආසියානු කලාපීය නියෝජිතයෙක්ද වෙයි