Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
විශේෂාංග

විදුලි අර්බුදයට විප්ලවීය විසදුමක් සොයාගත් පේටන්ට් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයා

විදුලි අර්බුදයට විප්ලවීය විසදුමක් සොයාගත් පේටන්ට් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයා

ජල විදුලිය යනු එදා සිටම මේ දක්වා අප රට තුළ ප්‍රධාන වශයෙන්ම බලශක්තිය නිෂ්පාදනය වන ක්‍රියාවලියයි. මේ සඳහා දිය ඇල්ලකින් හෝ ජලාශයක් හරස් කොට බැඳී වේල්ලකින් පහලට කඩා හැලෙන ජලධාරාවක ශක්තියෙන් “ටර්බයිනයක්” කරකැවීමට සලස්වා ඒ මගින් විදුලිය හෝ වෙනත් බල ශක්තියක් ජනනය කර ගැනීමේ ක්‍රමෝපාය භාවිතා කරයි.

නමුත් එම ක්‍රමයේදී ජලය විශාල ප්‍රමාණයක් අපතේ යෑම මෙන්ම නියඟයක් පවතින කාලවලදී ජල දහරා සිඳී යාමෙන් ශක්ති ජනනයට බාධා පැමිණීම ද සිදුවේ. එම නිසා ගල්අගුරු, ඩීසල් වැනි බලාගාර වල අවශ්‍යතාව මතුවේ. එමගින් දැඩි පරිසර හානියක් ලොව පුරා ඇති වී තිබේ. මෙම ගැටලුවට විසඳුමක් ලෙස නව ආකාරයක බලශක්තිය ජනනය කළ හැකි බලාගාරයක සැළසුමක් ශ්‍රී ලංකික තාක්‍ෂණ ශිල්පියෙකු වන රූපසිංහ මල්ලව විසින් නිර්මාණය කර තිබේ.

රූපසිංහ මල්ලව මහතා

කෑගල්ල, ගලිගමුව, හරිගල ප්‍රදේශයේ පදිංචි රූපසිංහ මල්ලව මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වේ. ඔහු පවසන්නේ තම නිර්මාණය මගින් අඩු ජලධාරිතාවකින් විදුලිය හෝ වෙනත් බලශක්තියක් නිපදවීමේ හැකියාව පවතින බවයි. ඒ පිළිඹද ඔහු පවසන්නේ මේ ආකාරයටයි.

“ඇත්තෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් වශයෙන් මා විසින් සොයාගත් මෙම තාක්ෂණය යොදාගත හැකියි. කුඩා ජල ප්‍රභවයකින් වුවත් බලශක්තිය උත්පාදනය කළ හැකි ක්‍රමවේදයක් තමයි මා විසින් සොයාගෙන තිබෙන්නේ”.

ඔහු නිර්මාණය කළ මෙම නව යන්ත්‍රයේ පිස්ටන් ක්‍රියාකරවීම සඳහා තෙරපුම් බලය ලබා ගැනීමට ඉහළින් සවිකළ කුඩා ජල ටැංකියක් යොදාගෙන තිබුණද, ජලය හැර ග්‍රීස් වැනි වෙනත් අර්ධ ද්‍රවයකින් තිරස්ව යොදන තෙරපුම් බලය මත ක්‍රියාත්මක වීමට එයට හැකියාව ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ තාක්ෂණික නිර්මාණය සඳහා රටවල් 176 කට බලපැවැත්වෙන “පේටන්ට්” බලපත්‍රයක්ද ලබා ගෙන ඇති අතර මෙම ව්‍යාපෘතිය එම ඕනෑම රටක ක්‍රියාත්ම කිරීමේ නීතිමය පසුබිම හා මෙය අලෙවි කිරීමේ හැකියාවද එමගින් සැලසී තිබේ. මෙය හදුන්වා ඇත්තේ ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම” (NON FUEL LIQUID THRUST ENGINE) ලෙසටයි. මේ සම්භන්ධව ඔහුගේ බලාපොරොත්තුව වන්නේ මෙම සැලැස්ම වැඩිදියුණු කොට මහා පරිමාණ බලශක්ති අවශ්‍යතා සඳහා යොදාගැනීමය.

රූපසිංහ මල්ලව මහතා විසින් මේ වනවිට මෙම ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම යොදාගනිමින් විදුලි නිෂ්පාදන කාර්යයෙහි සාර්ථක අන්දමින් කටයුතු කරයි. ඔහු තම නිවසේ ඇති ජල ටැංකියට මෙම ඒනජිම සවිකර කිලෝ වොට් 2 ක පමණ විදුලියක් උත්පාදනය කරයි. එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරිමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණ මුදලකි. රූපසිංහ මල්ලව මහතා පවසන පරිදි එම මුදලම වැයකර අවශ්‍ය නම් කිලෝවොට් විසිපහක බලාගාරයක්ද ඉදිකල හැකිය. එවැනි බලාගාරයකින් නිවාස 20 කට විදුලිය ලබාදිය හැකි බව ඔහු පවසන්නේ.

රූපසිංහ මහතා නිවස ආශ්‍රිතව ඉදිකර ඇති බලාගාරය
එහි ක්‍රියාකාරීත්වය සටහනක් මගින්..

මෙම නව සොයා ගැනීම හා අත්හදා බැලීම් ක්‍රියාවට නැංවීමේදී මේ දක්වා තමාට පාඩුවක් මිසක් කිසිදු ආර්ථිකමය වාසියක් නොමැති බවත්, තමන්ගේ මෙම සොයා ගැනීම ප්‍රචලිත කිරීමෙන් විශාල ලෙස ප්‍රතිලාභ හිමිකර ගැනීමේ හැකියාව ලෝකයේ සියලුම රටවල් වලට උදාවෙන බවටත් ඔහු පවසයි. බලශක්ති නිෂ්පාදනයේ අහිතකර ප්‍රතිඵල ලෙස ගෝලීය උෂ්ණත්වය වැඩිවෙමින් ඇති කාල වකවානුවක, දේශගුණික වෙනස්වීම් හා විපර්යාස සිදුවෙමින් පවතින අවධියක ඔහුගේ අවශ්‍යතාවය වන්නේ මෙය සාර්ථක විසදුමක් ලෙස ලොව පුරා ප්‍රචලිත කරවීමයි. ඒ සම්බන්ධයෙන් ඔහු මෙලෙස පවසයි. “ලෙඩට බේතක් අතේ තියාගෙන ඉදලා හරියන්නේ නෑ, ලෙඩ්ඩුන්ට ඒ බේත දෙන්න ඕනි, ඒ නිසා මගේ එකම පරමාර්ථය මේ විසදුම ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා එහි ප්‍රතිලාභ සියළු දෙනාම ලබා ගන්නවාට”. ඔහුගේ කැපවීම වගේම ඔහුගේ අරමුණත් ශ්‍රී ලාංකිකයින් විදියට අප අගය කළ යුතුවේ.

ඉතින් රූපසිංහ මල්ලව මහතා කියන්නේ රටට, ජාතියට සම්පතක්, ඔහුගේ ඒ උත්සාහයට, හැකියාවට, කැපවීමට අත දීම බලධාරීන්ගේ යුතුකමක් හා වගකීමකි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *