වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් කොළඹින් වාර්තා වෙයි.

This females abdomen had become distended due to the blood meal she was ingesting, imparting the red coloration to her translucent abdominal exoskeleton.
2023 ජනවාරි දෙවන සතිය තුළ ඩෙංගු රෝගීන් 2,030ක් හඳුනාගෙන ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්රකාශ කළේ 2023 ජනවාරි 9 සිට 15 දක්වා කාලය තුළ මෙම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙන් වන අතර එම සංඛ්යාව 452 කි.
ගම්පහ දිස්ත්රික්කයෙන් ඩෙංගු රෝගීන් 417ක්, පුත්තලම දිස්ත්රික්කයෙන් 257ක්, කළුතර දිස්ත්රික්කයෙන් 123ක්, කල්මුණේ දිස්ත්රික්කයෙන් 107ක් සහ යාපනය දිස්ත්රික්කයෙන් 103ක් හඳුනාගෙන ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පැවසුවේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 4,172ක් වාර්තා වී ඇති බවයි.
