Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යෝජිත ඩිජිටල්කරණ වැඩසටහන සඳහා ස්විට්සර්ලන්තයේ සහය…

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යෝජිත ඩිජිටල්කරණ වැඩසටහන සඳහා ස්විට්සර්ලන්තයේ සහය…

සංක්‍රමණික සේවකයින් සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහනක් සහ කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ආශ්‍රිත සේවාවන් ඩිජිටල්කරණය කිරීම සඳහා සිය සහය ලබා දීමට ස්විට්සර්ලන්තය එකඟ වී ඇති බව ශ්‍රී ලංකා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර පෙරේදා (17) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණි බවයි.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා තම අමාත්‍යාංශය යටතේ මේ වසර සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළේය.

යෝජිත ඩිජිටල්කරණ සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත අත්දැකීම් උපයෝගී කර ගනිමින් සහාය ලබා ගත හැකි බව ස්විට්සර්ලන්ත තානාපතිවරයා පැවසීය.

ස්විට්සර්ලන්තයේ අත්දැකීම් මත පදනම්ව යෝජිත ඩිජිටල්කරණ වැඩසටහන සඳහා ස්විට්සර්ලන්තයට අවශ්‍ය සහය ලබා දිය හැකි බව පැවසූ ඔහු රාජ්‍යතාන්ත්‍රික කටයුතු ද ඩිජිටල්කරණය කළ යුතු බව අවධාරණය කළේය.

විදේශගත ශ්‍රමිකයින් සඳහා වන ‘මනුසවි’ විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව ද තානාපතිවරයා දැනුවත් කෙරිණි. සියලුම කම්කරුවන් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ සහාය ලබා දීමට තානාපතිවරයා ධනාත්මකව ප්‍රතිචාර දැක්වීය. ඊට පූර්ණ සහයෝගය ලබාදීමට තානාපතිවරයා එකඟතාව පළ කළේය.

සංහිඳියාව වර්ධනය කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය පිළිබඳව ද නානායක්කාර අමාත්‍යවරයා ඔහුට පැහැදිලි කළා. එම උත්සාහය තානාපතිවරයාගේ පැසසුමට ලක් විය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *