අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින 14 හැවිරිදි දරුවෙකු ලබා දී ඇති ප්‍රකාශයක් අනුව වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුව ලබා දී ඇති බවට තොරතුරු හෙළිව තිබේ. ඒ සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
කාරතිව් අරාබි පාසල 2008 වසරේදී ආරම්භ කර තිබුණු අතර එය 2018 වසරේ අවසානය දක්වා පවත්වාගෙන ගොස් තිබේ. මෙම පාසලේ ඉගෙනුම ලබා ඇත්තේ විවිධ ප්‍රදේශවල දෙමව්පියන් අහිමි දරුවන් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් බවටයි වාර්තා වී ඇත්තේ.
එමෙන්ම මෙම අරාබි පාසල මෙහෙයවා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් බවට ද තොරතුරු ලැබී ඇත. ඒ අනුව එහි සිටි දරුවන්ට ඉලක්කවලට වෙඩි තැබීමට පුහුණු කරමින් අවි පුහුණුව ලබා දී ඇති බව අදාළ දරුවා පාපොච්ඡාරණය කර ඇති බවට වාර්තා වේ.