Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්

වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්

වන අලියෙකුට මාරාන්තික තුවාල සිදුකිරීමේ හෝ ඝාතනය කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස බඳින තුවක්කුවක් ඇටවීම සහ බලපත්‍ර නොමැතිව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම යන චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් 310,000ක (රුපියල් තුන්ලක්ෂ දසදහසක) දැවැන්ත දඩ මුදලක් නියම කර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, කහටගස්දිගිලිය වනජීවී අඩවි සහකාර එම්.ඒ.කේ.එස්. දිසානායක මහතා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය ඔක්තෝබර් 24 වැනි දින මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොකේබේ රක්ෂිත වනාන්තර සීමාව ඔස්සේ වනජීවී නිලධාරීන් සිදුකළ විශේෂ ක්ෂේත්‍ර මුර සංචාරයක් අතරතුරදී, පෞද්ගලික ඉඩමක මායිමක මෙම අනතුරුදායක බඳින තුවක්කුව සවිකර තිබියදී සොයාගෙන ඇත.

අධිකරණයෙන් නියම වූ දඩය
අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩයක් ලෙස අත්අඩංගුවට ගත් ගිනිඅවිය ඔක්තෝබර් 25 වැනි දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. අනතුරුව ඔක්තෝබර් 30 වැනිදා වනජීවී නිලධාරීන් විසින් අදාළ චෝදනා ගොනුකිරීමෙන් පසු, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට මෙම රුපියල් 310,000ක දඩය නියම කළේය.

වනජීවීන්ට එරෙහිව සිදුවන මෙවැනි මාරාන්තික අපරාධ සහ නීතිවිරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා කහටගස්දිගිලිය වනජීවී බීට්ටු බලප්‍රදේශය පුරා දිවා රාත්‍රී ක්ෂේත්‍ර මුර සංචාරයන් තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *