Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක්

රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග යුදමය තත්ත්වය මෙරට තුළ ඩොලර් අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇති බවත්, එම තත්ත්වය පාලනය කරගැනීමට ගතයුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ    මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී රුපියලේ කඩාවැටීම ගැන තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවය. ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණදෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් මෙම අර්බුදයෙන් විනාශකාරී ආර්ථික තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවට ජනාධිපතිවරයා මෙහිදී සහතිකය විය.

එමෙන්ම මෙම අවස්ථාවේ මෙරට ආර්ථිකයේ කලමනාකරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහන හා බැඳී පවතින බැවින්, ඔවුන්ගේ නිර්දේශවලට යටත්ව කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මැදපෙරදිග යුධ තත්ත්වය නිසා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල්, අඩු ආර්ථික හැකියාවන් තියෙන රටවල් යන සෑම රටක්ම භේදයකින් තොරව ආර්ථික අභියෝගයන්ට මුහුණදී තිබෙනවා.

කෙසේ නමුත් ශක්තිමත් ආර්ථික කලමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා.

වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙලා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කරලා.

අපේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙවර 29%කින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා. 

ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපේ අපනයනවල අඩුවක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපනයන හරහා ලැබෙන ඩොලර්වල හිඟතාවක් මතුවෙලා.

ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එවන මුදල්වල පසුබැසීමත්, ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩිවීමත් බලපා තිබෙනවා. 

ඒ නිසා අපේ රුපියලට තෙරපුමත් ඩොලරයට ඉල්ලුමක් ඇතිව තිබෙනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් නියමිතව තිබෙනවා. 

කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි. 

ආනයන භාණ්ඩ පරිහරණය පිළිබඳ මෙන්ම ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටින් එළියට ගලායන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට තනි තනිව මැදිහත්වන ලෙස” යනුවෙන් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *