Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කපිලට ඇප දුන් ව්‍යාජ ඇපකරුවන් ඇතුළු හතරකට ඇප

කපිලට ඇප දුන් ව්‍යාජ ඇපකරුවන් ඇතුළු හතරකට ඇප

අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ව්‍යාජ ඇපකරුවන් බව කියන මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාඩ් සහ ඔවුන්ට ආධාර අනුබල දුන් බව කියමින් අත්අඩංගුවට ගත් ආරියතිස්ස ද සිල්වා සහ අරවින්ද ද සිල්වා මහතාගේ කාර්යාලයේ සේවය කරන පෙරුමාල් ගනේෂ් යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හරින ලෙස නියම කෙරුණි.

ඒ අනුව එක් එක් සැකකරුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඇපකරුවන්ගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටත් නියම කර තිබේ.

ඊට අමතරව ඇපකරුවන් විසින් අදාළ ඇප මුදල ගෙවිය හැකි බව තහවුරු කරන වත්කම් පිළිබඳ වාර්තා දිවුරුම් ප්‍රකාශ මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු බවටත් මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී, කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් මේ ආකාරයට ඇප තැබීම සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ග්‍රාම නිලධාරී සහතික 17 ක් ලබාගෙන තිබෙන බව සඳහන් කර තිබේ.

මීට අදාළව ග්‍රාම නිලධාරියාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව කී පොලීසිය අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දුරකථන ඇමතුම් පිළිබඳව විස්තර වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පවසා ඇත.

මෙම සැකකරුවන් මේ ආකාරයට වෙනත් නඩු සඳහාද ඇප තබා තිබේද, අධිකරණය මගහැර තිබේද? වරෙන්තු වී තිබේද? යන කාරණා පිළිබඳව අදාළ වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.

මියගිය කපිල චන්ද්‍රසේන නමැති සැකකරුට ඇප තැබීම සඳහා මෙම සැකකරුවන්  උත්සාහ කර ඇති බව මෙන්ම ඊට ආධාර අනුබල දීමක්ද සිදුකර ඇති බවට සෘජු සාක්ෂි අනාවරණය වී ඇති බවත් විමර්ශන කටයුතු ද අවසන් වී නොමැති හෙයින් මොවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහිදී ව්‍යාජ ඇපකරුවන් බව පැවසුණු පුද්ගලයින් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින් කිසිදු අවස්ථාවක බැඳුම්කරයක් සඳහා අත්සන් කර නොමැති බව සඳහන් කර ඇත.

ඇපකරුවකු වීමට නම් බැඳුම්කරයකට අත්සන් තැබීම අනිවාර්ය බව පෙන්වා දුන් නීතිඥවරයා තම සේවා දායකයින් එවැනි බැඳුම්කරයකට අත්සන් තබා නොමැති බැවින්  ඔවුන් ඇපකරුවන් වශයෙන් සැලකිය නොහැකි බවත් පැවසුවා.

තම සේවාදායකයින් අපරාධයක් සිදුකළ බවට කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් මේ දක්වා ඉදිරිපත් කර නැති හෙයින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම නඩුවේ තවත් සැකකරුවකු වන පෙරුමාල් ගනේෂ් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්තිදස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ළඟ වසර 22ක් පමණ සේවය කරන බවය.

ඔහු කපිල චන්ද්‍රසේන නමැත්තාව හඳුනන බවත් ඔහුට මුදල් ඇපය තැන්පත් කිරීම සඳහා අධිකරණයට පැමිණි බවත් පවසා ඇත.

ඔහු විසින් නීති විරෝධී ක්‍රියාවක් සිදුකළ බවට කිසිදු සාක්ෂියක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන්නට නොමැති බැවින් ඔහුව ඇප මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම්දුන් මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුනි මස 25 වන දා කැඳවන ලෙස නියම කර තිබුණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *