Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රාජිත ඇප දීමට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට අවසර

රාජිත ඇප දීමට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට අවසර

සුදු වෑන් මගින් පැහැරගැනීම් සිදු කළේ යැයි පැවැත්වූ මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (21) අවසර ලබා දුන්නේය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ එම විභාගය ලබන මාර්තු 05 වැනිදා පැවැත්වීමටයි. එදින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා රාජිත සේනාරත්න මහතාට නොතිසි නිකුත් කිරිමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම්කර ඇති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට මෙසේ ඇප ලබාදීම විමර්ශන කටයුතු වලට දැඩි බාධාවක් සිදුව ඇති බව නීතිපතිවරයා පෙන්වා දී තිබුණි.

එම ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව මහාධිකරණ විනිසුරුවරයා අද ප්‍රකාශ කළේය. මහාධිකරණ විනිසුරුවරයා එහිදී රාජිත සේනාරත්න මහතාගේ නිතිඥවරයාට නියෝග කළේ, ඒ සම්බන්ධයෙන් විරෝධතා ලබන 10 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ය.

මේ අතර පෙබරවාරි 24 වැනිදා ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසට නීතිපතිවරයා වෙත මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කිරිම සඳහා අවශ්‍ය ලේඛන ලබන 23 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයාට අධිකරණය

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *