Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

රාජකීය නම්බු නාම අත්හළ හැරී – මේගන්ට බකිංහැම් මාලිගය කළ දේ

රාජකීය නම්බු නාම අත්හළ හැරී – මේගන්ට බකිංහැම් මාලිගය කළ දේ

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැරි අතර හැරී සහ මේගන් යුවළ මින් ඉදිරියට රාජකීය තනතුරු භාවිත නොකරන බව බකිංහැම් මාලිගය නිවේදනය කර ඇත.

ප්‍රකාශයක් නිකුත් කරමින් බකිංහැම් මාළිඟය කියා සිටියේ ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි .

මේ අනුව ඔවුන්ට සිය රාජකීය කටයුතු වෙනුවෙන් තවදුරටත් මහජන ආධාර මුදල් හිමි නොවනු ඇත. ඒ අනුව ඔවුන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ ද නියෝජනය නොකරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම නව ක්‍රියාවලිය මේ වසරේ වසන්ත සමයේදී බලාත්මක වනු ඇතැයි බකිංහැම් මාලිඟය නිවේදනය කළේ ය. හැරී මේගන් යුවලගේ අනාගතය පිළිබඳ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එක්ව පැවැත්වූ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස එම නිගමනයට එළැඹි බව සඳහන් ය.

කෙසේ වෙතත් හැරී , මේගන් සහ ආචී කුමරු සැමදා සිය පවුලේ ආදරණීය සාමාජිකයන් වනු ඇතැයි බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිණ වැඩිදුරටත් සඳහන් කළා ය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *