තවදුරටත් හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයට පොලිසියේ හෝ හමුදාවේ ආරක්ෂාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
අටළුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා පැමිණෙන සෞඛ්‍ය අංශ නිලධාරීට එම ප්‍රදේශයේ බොහෝ ජනතාවකගෙන් දැඩි ලෙස බාධා එල්ල වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා චෝදනා කරයි. එබැවින් සිය රාජකාරිය නිසියාකාරව කිරීමට නම් ඒ සදහා අවශ්‍ය ආරක්ෂාව කඩිනමින් සපයන ලෙස සභාපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.


