රවීගේ නඩු විභාගය හෙට දිනය දක්වා කල් යයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක ඇතුළු පිරිස ගොනු කළ රිට් පෙත්සමෙහි වැඩිදුර කරුණු තහවුරු කිරීම හෙට (12) දිනය දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැදවූ අවස්ථාවේදීය.
