උදයංග වීරතුංග නැවතත් රිමාන්ඩ්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන බන්ධනාගාරගත කර සිටින උදයංග වීරතුංග මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි. මෙම සිද්ධියට අදාළ ප්‍රධන පොලිස් පරීක්ෂක ෆැන්සිස් මහතා විමර්ශන සඳහා තව දුරටත් අවශ්‍ය බැවින් ඔහු ලබන නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *