Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රත්නපුරටත් ගංවතුර අවදානමක්

රත්නපුරටත් ගංවතුර අවදානමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ කදුකර ප්‍රදේශවලට ඇදහැලුණු ධාරණිපාත වැසි නිසා, ප්‍රධාන ගංගා සහ ඇලදොළවල ජලමට්ටම් ඉහළ ගොස් ප්‍රදේශ රැසක් 22දා උදෑසන වන විට ජලයෙන් යටවිය.

රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදෙශයේදි ජලයනේ යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ලවිය.

කලු, කුරු, දෙනවක්, හංගමු, වේ, යන ගංගාවල ජල මට්ටම් පැය හයක් වැනි කාලයක් තුල සුලු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගියේය. ගලතුර ඔයේ ජලමට්ටමද සිග්‍රයෙන් ඉහළ යමින් පැවතුනි.

ඇහැලියගොඩ පොලිස්ථානය ද ජලයෙන් යටවි ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය.

පහත්බිම්වල ඇති නිවාස රැසක් ජලයෙන් යටවිය.

රත්නපුර නගරය ආසන්නයේ පිහිටි අංගම්මන, මුවගම, මුද්දූව, බටුගෙදර, ගැටන්ගම, දේවාලෙගාවා, ආදී ප්‍රදේශවල පහත්බිම් සියල්ලම පාහේ ජලයෙන් යටවිය. ඒනිසා පහත්බිම් ආශ්‍රිත මාර්ග ද ජලයෙන් යටවිය.

නගරයේ ප්‍රධාන පාසල්වලට පාසල් දරුවන්ගේ පැමිණිම විශාල ලෙස අඩුවු බව විදුහපතිවරු කීය.

ඇලපාත, හංගමුව,දම්බුලුවන- කහවත්ත, පලාවෙල, දෙල්ලබඩ, ආදි ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවිය, කුරුවිට ගොරක ඇළ මාර්ගය සීතලවල සහ ගෝනපිටිය ප්‍රදේශවලිදී ජලයෙන් යටවී ගියේය. කුරුවිට, ගෝණපිටිය, තැඹිලියන, එරත්නාගොඩ ප්‍රදේශ ප්‍රදේශද ජලයෙන් යටවිය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *