Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

නායක හමුවකට විපක්ෂයේ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

නායක හමුවකට විපක්ෂයේ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන  සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද   කැඳවන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කළ ඉල්ලීමක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා  පාර්ලිමේන්තුවේදී  ප්‍රතික්ෂේප කළේය.

එම රැස්වීම පැවැත්වීමට තවමත් සූදානමක් නැතැයිද ඔහු කීවේය.

වටේ තත්ත්වය පිළිබඳව සියලු දේශපාලන පක්ෂ මහජන නියෝජිතයින් විමසිල්ලෙන් පසුවන වෙලාවක මෙම ඉල්ලීම කරන බව කී මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සාකච්ඡා කළ බවද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම මීළඟට පවත්වන්නේ  ජුනි මස මුල් සතියේ   බව ඔහු සඳහන් කළේය.

රටේ තත්වය ගැන ඊයේ සහ පෙරේදා දවස්වල කතා කළ බවත්  ඩොලර්  ප්‍රශ්නයට රජය මැදිහත් වෙමින් සිටින බවත් සභානායකවරයා කීය.

බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය. අපිට ආණ්ඩුවේ කටයුතු පෙළ ගස්සන්න පුළුවන් වෙන්නේ  ඒවා ලැබෙන විදියක් එක්ක. ඩොලර් එකේ ප්‍රශ්නය අපි දන්නවා. රට පත් කරගත්ත ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් ඉන්නවා. ඒකට ආණ්ඩුව මැදිහත් වෙමින් සිටිනවා.

චමින්ද විජේසිරි මහතා:
කතානායකතුමා තමයි මේක කැඳවීමට අවශ්‍ය පියවර ගන්න ඕන. ඔය වගේ උද්දච්ච වෙන්න එපා. රටේ තත්ත්වය ගැන මෙතන විවාදයක් පැවැත්වුණා. ඔබතුමාලගේ අදහස් වලට අපි සවන් දුන්නා. පක්ෂ නායක රැස්වීම ජුනි මාසයේ මුල හෝ මේ මාසයේ අග පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

රංජිත්  මද්දුම බණ්ඩාර මහතා:
මේක රටේ තියෙන බරපතළ ආර්ථික ප්‍රශ්නයක්. ඔබතුමා තමයි මේ සභාවේ නායකයා. කවුරුත් නොවෙයි ඔබතුමා තීරණයක් ගන්න.

කතානායක:
මම ඔබතුමාලට දැනුම් දෙන්නම්

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *