ශ්රී ලංකා නිදහස් පක්ෂය (ශ්රීලනිප) තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රී කණ්ඩායම එක්ව පිහිටුවා ගත් නව සන්ධානයක් වන ‘නිදහස් ජනතා සන්ධානය’ අද එළිදැක්වුණා.
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්රීලනිපය, නිදහස් පොදුජන පෙරමුණ, උත්තර ලංකා සභාගය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රී කණ්ඩායම සමඟ එක්ව නව සන්ධානය පිහිටුවා ඇත.
හෙලිකොප්ටරය ලකුණින් තරග කරන ‘නිදහස් ජනතා සන්ධානය’ එළිදැක්වීම කොළඹ ශ්රීලනිප මූලස්ථානයේදී පැවැත්වුණා.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් යුත් ශ්රීලනිප, නිදහස් පොදුජන පෙරමුණ ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශගේ ප්රධානත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ස්වාධීන මන්ත්රීවරුන් වන අනුර ප්රියදර්ශන යාපා සහ සුදර්ශනී ෆෙර්නන් ද සමඟින්. උත්සවයට සහභාගී විය.