Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කර තිබෙනවා -ජනපති පවසයි

ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කර තිබෙනවා -ජනපති පවසයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසුවේ,රජය පොරොන්දු වු පරිදි ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කර ඇති බවයි.

ජනාධිපතිවරයා පවසන්නේ අපේ උරුමයන්ට සහ දේශියත්වයට කිසිදු හානියක් නොවන පරිදි ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

කෘෂි ආර්ථිකය ඉහළ නැංවිමට ද අවශ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව පෙන්වා දෙන ජනාධිපතිවරයා බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත්කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බව සඳහන් කළේය.

ජාත්‍යන්තර  කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේය.

එමෙන්ම වර්මතානයේ පවතින කොවිඩ් -19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයකට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාව බව ජනාධිපතිවරයා පවසයි.

රටේ වැඩකරන ජනතාවට මුහුණදීමට සිදුවන ඒ යථාර්ථය ආණ්ඩුව නිවැරදිව අවබෝධ කරගෙන සිටින බැවින් එම ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම් නොකොට ඔවුන්ගේ ජිවිත යථාවත්ව ගෙනයාමට රජය නිරතුරුවම කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ අතර පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකයේම අභිවෘධිය උදෙසා කම්කරු  ජනතාව කරනු ලබන කැපවීම සෑම කල්හිම ඉතා ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

කෙසේවෙතත් ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙවර ද පෙළපාලි හා රැස්විම්වලින් තොරව කම්කරු දිනය සැමරීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

කොතරම් දුෂ්කර තත්ත්වයක් හමුවේ වුවද රජය කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරව ලබාදුන් බව පවසන අග්‍රාමාත්‍යවරයා, කම්කරු අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඇප කැප වන බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ,ජනහිතකාමී වැඩබිමක් සුරක්ෂිත දේශයක් යන මැයෙන් සමරනු ලබන කම්කරු දිනය දේශීය ආර්ථිකය නඟාසිටුවීමට කම්කරු ජනතාව එකාමෙන් අත්වැල් බැඳගනු ඇතැයි තමාට විශ්වාස බවයි .

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *