නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 949 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අද (16) දිනයේ රාත්‍රී 8.00 පමණ වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 14 දෙනෙක් වාර්තා වීමත් සමගයි.
මෙම රෝගීන් 14 දෙනාගෙන් 12 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන බවත් අනෙක් රෝගීන් දෙදෙනා නිරෝධයන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් බවටයි වාර්තා වන්නේ.