දිවයින පුරා සුරාසැල් හෙට (17) දිනයේ වසා දමන්නැයි නියෝග කෙරේ

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන හෙට (17) දිනය තුළ දිවයින පුරා පිහිටි සියළුම සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම නියෝගය සෙසු ප්‍රදේශවල පරිදිම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද බලපැවැත්වේ.

පසුදා එනම්, 18 වන සඳුදා දින සුරාසැල් විවෘත කිරීමට අවසර ලැබෙනුයේ 16 වන සෙනසුරාදා විවෘත කිරීමට අවසර දුන් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *