Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මුහුදු මහා විහාරය රකින්න ඉරාජ් පෙරට

මුහුදු මහා විහාරය රකින්න ඉරාජ් පෙරට

මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව සංගීතඥ ඉරාජ් වීරරත්න පොලිස්පතිතුමන්ට පැමිණිලි කර තිබේ. ඒ පැමිණිල්ලේ පිටපතක් ඔහු සිය අන්තර්ජාල අනුගාමිකයින් අතර බෙදා තිබිණි.

කොළඹ පොලිස් මූලස්ථානයේ පොලිස්පති වෙත 2019 අගෝස්තු 28 දිනැතිව කර තිබූ පැමිණිල්ලේ විස්තර පහත සඳහන් වේ.

මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට තර්ජනය කිරීම සම්බන්ධව කරනු ලබන පැමිණිල්ලයි

පොලිස්පතිතුමනි,

2019/08/19 දින විහාරාධිපති හිමියන්ගේ අවසරය පරිදි මුහුදු මහා විහාරය සම්බන්ධව වීඩියෝවක් නිෂ්පාදනය කිරීම සඳහා දර්ශන ලබා ගැනීමට මා ඇතුළු කණ්ඩායම එහි යන ලදි. එම අවස්ථාවේදී කිසියම් පිරිසක් P 26 රොට්ට ග්‍රාමසේවා වසමේ ජෙයිකා ගම්මානයේදී (හිද්‍රා ගම්මානය) යකඩ බට අතැතිව විහාරාධිපති හිමියන් වන පුජ්‍ය උඩලමත්තේ රත්නප්‍රිය හිමිට සහ අප කණ්ඩායමට එරෙහිව තර්ජනාත්මක ලෙස හැසිරුණු අතර බියගැන්වීම ඇති කරවන ලෙස විහාරාධිපති හිමියන්ට පහරදීමට උත්සහ ගන්නා ලදි. (පහරදීමට ගන්නා උත්සහයක් පටිගත වී ඇත. එම වීඩියෝව ඇතුලත් CD පටය මේ සමග ඉදිරිපත් කරමි) මේ සඳහා දායකවූ 

සැකකරුවන් කඩිනමින් හඳුනාගෙන ඔවුන්ව නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

දැනටමත් ඓතිහාසික මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා ඉඩම් විශාල ප්‍රමාණයක් පුරාවිද්‍යා නීති, වෙරළාරක්ෂක නීති, වනසංරක්ෂණ නීති උල්ලන්ඝනය කරමින් අන්තවාදීන් විසින් ආක්‍රමණය කර ඇත. මෙම ජාතිය සතු සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් පෙනෙන්නේද නැත. මුහුදු මහා විහාරය රැකගැනීම සඳහා පොලිස්පතිවරයා වශයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන ලෙසද මෙම තත්වය මත මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට ජීවිත තර්ජනයක් ඇති බව මා වෙත හැඟී ගිය නිසා ඉදිරියේදී දරුණු අපරාධයක් ඇති වීමට පෙර උන්වහන්සේගේ ආරක්ෂාවද තහවුරු කරන මෙන් ඔබතුමාගෙන් තවදුරටත් ඉල්ලා සිටිමි.

ස්තුතියි,
ඉරාජ් වීරරත්න 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *