LK reports news sinhala

ජනපති ධූරයට කරන්න යන දේ හෙළිවෙයි

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි තරමේ අර්බුදයකට එක්සත් ජාතික පක්ෂය පත්ව සිටින බවත් එබැවින් මේ මොහොතේ ජනාධිපතිධූරය අහෝසි කිරීමට උත්සාහ කරමින් සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට අග‍්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය රවී කරුණානායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සහාය ඉල්ලා ඇති බවට පුවත්පතක පළවු වාර්තාවක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා විධායක ජනාධිපතිධුරය හදිසියේ අහෝසි කිරීම ප‍්‍රයෝගිකව සිදු කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

පසුගියදා සිදුවූ මෛත්‍රී – මහින්ද හමුවේදීද මේ පිළිබඳ සාකච්ඡා වී ඇති අතර විපක්ෂනායකවරයා හෝ ජනාධිපතිවරයා ඊට විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

එම සාකච්ඡාවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ ආණ්ඩුව සමග සිටින පක්ෂ කිහිපයක්ද සිය ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට සාකච්ජා සිදු කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *