ශ්රී ලංකාවේ පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කරන බව පවසමින්, අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් වෙඩි තැබීමකින් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්ය නොවන සංවිධාන කීපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.
ඒ අනුව රහස් පොලිසියේ සේවය කළ නිලධාරීහු දෙදෙනෙක්ද ඇතුළුව ශ්රී ලංකා පොලිසියේ ප්රධානීන් 8 ක් ඇතුළු පොලිස් නිලධාරීන් 18 කට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි ලැබී ඇති බවට වාර්තා වේ.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් කෙටුම්පත් කළ පිටු 100 ක වාර්තාවකින් ඉහතකී පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.