කොළඹ දිස්ත්‍රික්කයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 29 දක්වා අත්හිටුවයි

කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.22 දින සිට 2020.10.29 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය පවසන්නේ එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී දඩ මුදලක් අය නොකිරීමට කටයුතු කරන බවයි.

රටේ පවතින කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් නමුත් www.motortraffic.wp.gov.lk වෙත පිවිස(Online) ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

wahana kolaba

Leave a Reply

Your email address will not be published. Required fields are marked *