බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ආරම්භ කෙරේ

බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් යානා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ යෙදවීමට කටයුතු සැලසුම් කර ඇති බවට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.
ඒ අනුව ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළ වෙත මැයි මස 3, 4 සහ 5 යන දින තුළ ගුවන් ගමන් තුනක් ද, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත මැයි මස 8 වැනිදා එක් ගුවන් ගමනක්ද යෙදවීමට කටයුතු කර ඇති බවයි එම ගුවන් සේවය වැඩි දුරටත් පවසා සිටියේ.
