අගමැතිගේ රැස්වීමට සමගි ජනබලවේගයත් මුස්ලිම් කොංග්‍රසයත් නොපැමිණේ

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන සඳුදා දින කැදවා ඇති හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමට සහභාගී නොවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙන බවට එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එමෙන්ම ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයද පවසන්නේ අදාල රැස්වීමට සිය සාමාජිකයන්ද සහභාගී නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණද ඊයේ (01) දිනයේ ලිපියක් යොමු කරමින් දන්වා සිටියේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන සඳුදා කැදවනු ලැබ තිබෙන අදාල රැස්වීම සඳහා සහභාගී නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *