බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ආරම්භ කෙරේ

බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් වි⁣ශේෂ ගුවන් යානා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ යෙදවීමට කටයුතු සැලසුම් කර ඇති බවට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

ඒ අනුව ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත මැයි මස 3, 4 සහ 5 යන දින තුළ ගුවන් ගමන් තුනක් ද, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත මැයි මස 8 වැනිදා එක් ගුවන් ගමනක්ද යෙදවීමට කටයුතු කර ඇති බවයි එම ගුවන් සේවය වැඩි දුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *