බමුණාකොටුව ප්රදේශයේ ඇමැතිවරුන් දෙදෙනකුට ප්රදේශවාසීන්ගෙන් හූ හඬ…

කුරුණෑගල – බමුණකොටුව ප්රදේශයේ සංස්කෘතික මධ්යස්ථානයක් විවෘත කිරීමට ගිය අමාත්යවරයෙකුට සහ රාජ්ය අමාත්යවරයෙකුට ඊයේ ප්රදේශවාසීන් පිරිසක් ඝෝෂා කළා.
එහිදී ප්රදේශවාසීන් අමාත්ය විදුර වික්රමනායක සහ රාජ්ය අමාත්ය ඩී.බී. හේරත් සංස්කෘතික මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.
කෙසේ වෙතත් විරෝධය නොතකා මැති ඇමැතිවරු උත්සවයට සහභාගි වූහ.
මෙම සංස්කෘතික මධ්යස්ථානය අමාත්යවරුන් කිහිප දෙනෙකු විසින් අවස්ථා කිහිපයකදී විවෘත කර ඇති බවයි ප්රදේශවාසීන් කියා සිටියේ.
එම ස්ථානයේ ආරක්ෂාව තර කිරීම සඳහා විශාල පොලිස් භට පිරිසක් යොදවා තිබුණි.
