වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්රාත් ධම්මික හේමපාල මහතා පැය දෙක හමාරකට අධික කාලයක් පුරා ප්රකාශ ලබාදීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය. ධම්මික හේමපාල මහතා පස්වරු 2.35 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇති අතර පස්වරු 5.15 ට පමණ ඉන් පිටව ගිය බවටයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වීමේ සිද්ධියට අදාළව බද්දේගම මහේස්ත්රාත් ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අද (21) කැඳවා තිබුණේ රන්ජන් රාමනායක මන්ත්රීවරයා සමග සිදුකරන ලදැයි කියන දුරකතන සංවාද වලට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සදහායි.