Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ප්‍රවෘත්ති

පොලීසියෙන් සිදුකළ අමානුෂික පහරදීමක්

පොලීසියෙන් සිදුකළ අමානුෂික පහරදීමක්

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

අදාළ සිදුවීම ඊයේ රාත්‍රියේ යක්කලමුල්ල පොලිස් ස්ථානය අසලදී සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු රතිඤ්ඤා දල්වා මහ මඟ දමා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක ද සනිටුහන් ව ඇත.

ඒ අතර අසල ඖෂධ සැලකට පැමිණ සිටි අයෙකු එම ශබ්දය කුමක්දැයි විපරම් කිරීමට අලෙවි සැලෙන් පිටතට පැමිණෙන අතර එම අවස්ථාවේ දී එහි පැමිණෙන පිරිසක් ඔහුට පහර දෙයි.

ඖෂධ සැලේ හිමිකරු එම ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ දරන නමුත් අදාළ පිරිස නොනවත්වා අලෙවි සැලෙන් බැහැරට ගිය පුද්ගලයාට පහර දෙන අයුරු සීසීටීවි දර්ශනවල දැක්වේ.

පහරදෙන පිරිස අතර නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු ද වන බව දක්නට ලැබේ.

පහර දීමෙන් පසු යක්කලමුල්ල පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

පසුව අද පෙරවරුවේ පොලීසිය ඔහු මුදා හැර ඇත්තේ වැරදීමකින් පහර දුන් බව පවසමිනි.

ස්ථාන මාරුවක් ලබා සිටි යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රියේ එම පොලිස් ස්ථානයේ සේවයෙන් ඉවත්ව ගොස් ඇති අතර, පිරිසක් රතිඤ්ඤා දල්වා ඇත්තේ ඊට ප්‍රතිචාර ලෙසින් බව වාර්තා වේ.

ඊට එම තරුණයාද සම්බන්ධ යැයි සිතා පහරදීම සිදුකර ඇති බව පසුව හෙළි වී තිබේ.

පහර කෑමට ලක්වු ඩබ්. ඒ. සිසිර කුමාර පුද්ගලයා පවසා සිටියේ, “ඔක්කෝම බීලා හිටියේ. යුනිෆෝම් හිටියේ එක්කෙනයි. සිවිල් පිට හිටියේ ඔක්කෝම. “ යනුවෙනි.

පහර කෑ තරුණයා මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පහරදීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *