Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාර වාර්තාව පාර්ලිමේන්තුවට – සහරාන් අයිඑස්ට සම්බන්ධ නැතිලු

පාස්කු ප්‍රහාර වාර්තාව පාර්ලිමේන්තුවට – සහරාන් අයිඑස්ට සම්බන්ධ නැතිලු

පාස්කු ඉරිදා ප්‍රහාරය සොයාබැලූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශවල පැවති අසමත් භාවය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රධානම හේතුව බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ජනාධිපති, අගමැති, බුද්ධි අංශ ප්‍රධානීන් හා නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවයා ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් ලෙස කමිටුව විසින් නම්කරනු ලැබ ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ වාර්තාව කාරක සභා සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම කමිටුව පසුගිය මැයි මස ආරම්භ කෙරුණු 24 වතාවත් රැස්වූ අතර පුද්ගලයින් 55 දෙනකුගෙන් සාක්ෂි විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක අංශ ප්‍රධානීන්, බුද්ධි අංශ ප්‍රධානීන්, ආණ්ඩුකාරවරු මෙන්ම ආගමික නායකයින්ගෙන්ද ප්‍රශ්න කෙරිණි.

ප්‍රහාරය සම්බන්ධ වැඩිම වගකීම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සතුබවත් විශේෂ කාරක සභාව නිරීක්ෂණය කර තිබේ.  හදිසි ආරක්ෂක මණ්ඩ රැස්වීම් කැඳවීම, අවශ්‍ය පුද්ගලයින් ඊට සම්බන්ධ නොකරගැනීම ඇතුළු අවස්ථා රැසකදී ජනාධිපතිවරයා නායකත්වය ලබාදීමට අසමත්වී ඇති බව ද විශේෂ කාරක සභාවේ නිරීක්ෂණවලට ඇතුළත් වේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව සිය වගකීම් පැහැර හැර ඇති බවට විශේෂ කාරක සභාව සිය නිරීක්ෂණයන් ලෙස දක්වා තිබේ. එමෙන්ම සහරාන් හෂීම්, අයි.එස් සංවිධානය සමග සම්බන්ධතා තබූ බවට විමර්ශන වලින් හෙළි නොවූ බවද එම නිරීක්ෂණ වල ඇතුළත් වේ. එමෙන්ම නැගෙනහිර ජනතාව අන්තවාදයට යොමුවීමට වහබ්වාදය සහ ආරාබිකරණය හේතු වී ඇති බවත්, ඊට හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ද වගකිව යුත බව කමිටුවේ නිරීක්ෂණ අතර වේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආසන්න දින වල ආරක්ෂක අංශ ගත් ක්‍රියාමාර්ග කිහිපයක්ද අදාල වාර්තාවට ඇතුළත් වේ.

2019 අප්‍රේල් 4
එල්ලවිය හැකි ප්‍රහාරයක් පිළිබද  පළමු බුද්ධි වාර්තාව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත  ජයවර්ධනට ලැබීම සහ අදාළ බුද්ධි වාර්තාව ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට යොමුකිරීම.

2019 අප්‍රේල් 08
අදාළ ලිපිය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් පොලිස්පතිවරයා වෙත යොමුකිරීම

2019 අප්‍රේල් 09

ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී නවතම බුද්ධි වාර්තාව ආරක්ෂක ලේකම්වරයාට ලබා ගැනීමට අවශ්‍යවුව ද  රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ලිපියකින් පසු විපරම් කිරීම පිළිබඳව දැනුම් දීම.

2019 අප්‍රේල් 16
කාන්තණ්කුඩි ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරායාම

2019 අප්‍රේල් 18 සහ 19
සහරාන්තතේ අනුගාමිකයින් විසින් ප්‍රහාරයක් සිදුකරන බවට තොරතුරු ලැබුණද එය සිදුවන දිනයක් පිළිබඳව නිශ්චිතව අනාවරණය නොවීම.

2019 අප්‍රේල් 20 පස්වරු 7.30
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා හෙට දිනයේ දී භයානක සිදුවීමක් ඇතිවිය හැකි බවට පොලිස්පතිවරයාට අනතුරු ඇඟවීම

පොලිස්පතිවරයා විසින් සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අනතුරු ඇඟවීම පිළිබඳ දැනුම්දීම

2019 අප්‍රේල් 21 පෙරවරු 6.45
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීම යළි දැනුම්දීම

ප්‍රහාරය එල්ලවිය හැක්කේ කතෝලික දේවස්ථානවලට නොවන මෙතෝදිස්ත දේවස්ථානවලට බව ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දීම

තමා බෞද්ධ බවත් මෙතෝදිස්ස දේවස්ථාන පිළිබද තමන්ට අවබෝධයක් නැති බව ආරක්ෂක ලේකම්වරයා පැවසීම.

2019 අප්‍රේල් 21
ප්‍රහාරය එල්ල වීම

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාව මගින් වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ 08ක් ද ඉදිරිපත් කර ඇති අතර ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව, වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, දේශපාලනඥයින් / ජනතා නියෝජිතයින් වගවීමට සැලැස්වීම ඒ අතර වේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සහරාන් හෂීම් ත්‍රස්තවාදියා සමග තේරීම් කාරක සභාවේ සාමාජික රවුෆ් හකීම් සිටින වීඩියෝ හෙළිවී තිබියදී මෙවැනි වාර්තාවක් පිළිගත නොහැකි බවයි. එහි සාමාජිකයකු වීමට රවුෆ් හකීම්ට සදාචාරාත්මක අයිතියක් නැති බවද ඔහු කියා සිටියේය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *