සජිත්ගේ රැලියකදී තරුණයකුට පහරදෙයි (වීඩියෝ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියක් ඊයේ(22) මාලබේ බස් නැවතුම්පොළ අසල පැවැති අතර එහිදී තරුණයකුට පහර දෙන සිද්ධියක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වේ.

එහිදී රැලිය අතරතුර තරුණයකු ජංගම දුරකථනයක් ද රැගෙන පැනයක් අසන ආකාරයක් දක්නට ලැබෙන අතර කුපිත වූ රැලියේ සිටි එජාප ආධාරකරුවන් ඔහුට වටවී පහරදෙන ආකාරය වීඩියෝවේ සටහන්වී ඇත. එම අවස්ථාවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක රැලිය අමතමින් සිටි අතර ඔහුගෙන් ප්‍රශ්නයක් අසන අවස්ථාවේ මෙම පහරදීම සිදුකර ඇතැයි වාර්තාවේ.

කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මෙම රැලිය සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.