නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය ගොනුකළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
2016 වසරේ එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ (එජා) පරිශ්‍රය අවට මාර්ග අවහිර කරමින් මහජන අපහසුතාවයට පත් කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවරා තිබුණි.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, පියසිරි දිසානායක, මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර සහ රොජර් සෙනෙවිරත්න ඇතුළු හත් දෙනෙකු නම් කර තිබේ.
මෙම නඩුව විභාගයට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා නඩු විභාගයට නොපැමිණීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
නඩුව ජුනි 19 වැනි දින විභාගයට ගැනීමට නියම කර ඇත.