Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

පාකිස්ථානයේදී වසර 10කට පසු ටෙස්ට් තරගාවලියක්

පාකිස්ථානයේදී වසර 10කට පසු ටෙස්ට් තරගාවලියක්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 11 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම කර තිබේ.

අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම ටෙස්ට් තරග දෙක පාකිස්ථානයේ රාවල්පිණ්ඩි සහ කරච්චිහිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11 වැනි දා සිට 15 වැනි දා තෙක් පැවැත්වෙන අතර දෙවැනි තරගය දෙසැම්බර් 19 වැනි දා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ. මෙසේ පකිස්තානයේ දී ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 10 කට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට 2009 වසරේදී ශ්‍රී ලංකාව පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකරමින් සිටියදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවූ අතර ඉන් පසු කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානයට පැමිණියේ නැත.

මීට පෙර මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ආරක්ෂක හේතු මත එය දෙසැම්බර් මාසය දක්වා කල් දැමිණි. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඔක්තෝබර් මාසයේදී එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලියක් සඳහා පාකිස්ථානයේ සංචාරය කළ අතර එහිදී එක්දින තරගාවලිය පරාජය වුවද නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වූ විස්සයි විස්ස කණ්ඩායම විශිෂ්ට ලෙස තරගාවලිය ජයගැනීමට සමත් විය. එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පකිස්තාන රජය උපරිම ආරක්ෂාවක් ලබා දුන්නේ ය.

පකිස්ථාන අන්තර් ජාතික තරග පිළිබඳ අධ්‍යක්ෂ සකීර් ඛාන් පවසන්නේ, ශ්‍රී ලංකාව පකිස්ථානයේ ආරාධනය පිළිගැනීම ගැන ඉතා සතුටට පත් වන අතර, පකිස්ථානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරක්ෂිතව පැවැත්වීමේ හැකියාවක් තිබේ යැයි එමගින් සනාථ වන බවයි. මෙම ටෙස්ට් තරගාවලියට පසුගිය වර තරග සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ද එක්වනු ඇතැයි වාර්තා වේ.

 

අදහස් (15)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *