ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 11 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම කර තිබේ.
අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම ටෙස්ට් තරග දෙක පාකිස්ථානයේ රාවල්පිණ්ඩි සහ කරච්චිහිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11 වැනි දා සිට 15 වැනි දා තෙක් පැවැත්වෙන අතර දෙවැනි තරගය දෙසැම්බර් 19 වැනි දා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ. මෙසේ පකිස්තානයේ දී ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 10 කට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට 2009 වසරේදී ශ්‍රී ලංකාව පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකරමින් සිටියදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවූ අතර ඉන් පසු කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානයට පැමිණියේ නැත.
මීට පෙර මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ආරක්ෂක හේතු මත එය දෙසැම්බර් මාසය දක්වා කල් දැමිණි. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඔක්තෝබර් මාසයේදී එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලියක් සඳහා පාකිස්ථානයේ සංචාරය කළ අතර එහිදී එක්දින තරගාවලිය පරාජය වුවද නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වූ විස්සයි විස්ස කණ්ඩායම විශිෂ්ට ලෙස තරගාවලිය ජයගැනීමට සමත් විය. එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පකිස්තාන රජය උපරිම ආරක්ෂාවක් ලබා දුන්නේ ය.
පකිස්ථාන අන්තර් ජාතික තරග පිළිබඳ අධ්යක්ෂ සකීර් ඛාන් පවසන්නේ, ශ්‍රී ලංකාව පකිස්ථානයේ ආරාධනය පිළිගැනීම ගැන ඉතා සතුටට පත් වන අතර, පකිස්ථානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරක්ෂිතව පැවැත්වීමේ හැකියාවක් තිබේ යැයි එමගින් සනාථ වන බවයි. මෙම ටෙස්ට් තරගාවලියට පසුගිය වර තරග සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ද එක්වනු ඇතැයි වාර්තා වේ.
Wow cuz this is great work! Congrats and keep it up.|
Great internet site! It looks extremely expert! Maintain the good job!|
Thanks intended for supplying this kind of great posting.
You’ve got one of the best websites.|
Wow, beautiful portal. Thnx …|
thank so much for your website it aids a great deal.|
Nice webpage you’ve here.|
You’ve got very well stuff right.|
Thanks very useful. Will share website with my buddies.|
Sustain the great job and delivering in the crowd!|
Hello, neat website you have got here.|
Many thanks extremely handy. Will certainly share site with my good friends.|
You have the most impressive websites.|
You have one of the best sites.|
You’re a really useful internet site; couldn’t make it without ya!|