ප්‍රදේශ කිහිපයකට තද වැසි සමඟ ප්‍රබල අකුණු: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මෙම අනතුරු ඇඟවීම නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම වවුනියාව, මන්නාරම, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාළ වේ.

තද වැසි සහිත අවස්ථාවලදී ඇතැම් ප්‍රදේශවල තාවකාලිකව ප්‍රබල සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි හානි සහ අවදානම් අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *