පළමු කොරෝනා ආසාදිතයා නවාතැන්ගත් හෝටලයේ අයකැමි කොරෝනා වැළදී ඇතැයි පවසා රෝහලට ඇතුලත් වේ

මෙරට පළමුවැනි කොරෝනා ආසාදිතයා නවාතැන්ගෙන සිටි දඹුල්ල ප්රදේශයේ පිහිටි හෝටලයක අයකැමිවරයා අද (14) දින කොරෝනා වැළදී ඇති බව පවසමින් ලුණුගල දිසා රෝහලට ස්වෙච්චාවෙන් ඇතුළත් වී තිබේ.
එම රෝහලේ වෛද්යවරුන් විසින් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා බදුල්ල මහ රෝහල වෙන මාරුකර යැවීමට පියවර ගෙන තිබේ.
