නිරෝධායන කාල සීමාව අවසන් කළ තවත් පුද්ගලයින් 425 දෙනෙකු අද (13) සිය නිවෙස් වෙත පිටත් කර යැවීමට නියමිත බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ මහතා සදහන් කරන්නේ පුද්ගලයින් 3800 අධික පිරිසක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින බවයි. එමෙන්ම මේ වනවිට නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති පිරිස 7,664 ක් වන බවත් යුධ හමුදාපති තුමා පවසයි.